ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
2026 February 15- Page Views : 30
ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නුවරඑළියේ වලපනේ සහ නිල්දණ්ඩාහින්න සඳහා දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊට අමතරව මාතලේ විල්ගමුව සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.