සාමකාමී එකමුතුව රටේ සදාකාලික සම්පතයි - විපක්ෂ නායක
2026 February 15- Page Views : 22
අන්‍යෝන්‍ය ගෞරවය, ආගමික සහජීවනය, සහ සාමකාමී එකමුතුව රටේ සදාකාලික සම්පත බව සිහිපත් කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව පවසන්නේ. රටක් ලෙස මුහුණ දෙන ආර්ථික, සමාජීය අභියෝග මධ්‍යයේ මහ ශිව රාත්‍රී දිනය අලුත් බලාපොරොත්තු රැසක් ගෙන එනු ලබන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. අඳුර පළවා හැර ආලෝකය උදා වන්නා සේ රටක් ලෙස මුහුණ දෙන අභියෝග මැදින් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගත හැකි බව විශ්වාස කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහා ශිව රාත්‍රී දින සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කරනවා. මහ ශිව රාත්‍රීය යනු අඳුර මැදින් ආලෝකය සොයා යන ආධ්‍යාත්මික ගමනකි. එය පූජාව, භක්තිය සහ සමාධිය තුළින් මනස පිරිසිදු කර ගනිමින් අයුක්තිය, අවිවේකය සහ අහංකාරය මැඩපැවැත්වීමට අපට මඟ පෙන්වන උතුම් රැයක් ලෙස හැඳින්විය හැකියයි ශිව දෙවියන් නිරූපණය කරන්නේ විනාශය තුළින් නව්‍යතාව උදා කිරීමයි. එබැවින් මහ ශිව රාත්‍රී දිනය අපට මතක් කර දෙන්නේ ජීවිතයේ අභියෝග හමුවේ පසුබට නොවී අලුත් ආරම්භයක් සඳහා ආත්ම විශ්වාසයෙන් යුතුව නැගී සිටිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. මහ ශිව රාත්‍රී දිනය සත්‍යය, සාධාරණත්වය සහ කරුණාව යන අගයන් අපගේ ජීවිතයේ මූලික පදනම බව මතක් කර දෙන බැවින් අයුක්තියට එරෙහිව සත්‍යය ජයගන්නා බවත්, අවිශ්වාසයට වඩා එකමුතුකම බලවත් බවත්, අඳුරට වඩා ආලෝකය ශක්තිමත් බවත් මෙම උතුම් දිනය පසක් කර දෙන බව ඔහු පවසනවා. අප රට අද මුහුණ දෙන ආර්ථික, සමාජීය අභියෝග මධ්‍යයේ මහ ශිව රාත්‍රී දිනය අපට අලුත් බලාපොරොත්තු රැසක් ගෙන එනු ලබන බවත් අඳුර පළවා හැර ආලෝකය උදා වන්නා සේ අප ද රටක් ලෙස මුහුණ දෙන අභියෝග මැදින් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගත හැකි බව විශ්වාස කළ යුතු බවද පෙන්වා දෙනවා.