WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශයේ නව අගමැති සහ ඇමති නලින්ද අතර සාකච්ඡාවක්

2026 February 18- Page Views : 32

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

එම සාකච්ඡාව එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ පැවැත්විණි.

එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයාට උණුසුම් සුභාශිංසන පිරිනැමීය.

එසේම, පසුගිය “දිට්වා” සුළි කුණාටු අවස්ථාවේදී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කළේය.

තවද, බංග්ලාදේශ සංචාරකයින් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම, සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම සහ ඖෂධ නිෂ්පාදන සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම සාකච්ඡාවට බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ද එක්ව සිටියේය.