WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

2026 February 19- Page Views : 37

රුපියල් මිලියන 556ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පොලීසිය ලබා දී තිබේ.

අමාත්‍යවරයා විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී අදාළ උපකරණ තොගය සංකේතාත්මක පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

මෑත ඉතිහාසයේ පොලීසිය වෙත වැඩිම මුදලක් වැයකර ලබාදුන් උපකරණ තොගය මෙය වන බව සඳහන් වේ.

ඒ අනුව රුපියල් මිලියන 365ක වටිනාකමින් යුත් පරිගණක 1,718, රුපියල් මිලියන 129ක වටිනාකමින් යුත් ඡායා පිටපත් යන්ත්‍ර 575ක්, රුපියල් මිලියන 45ක වටිනාකමින් යුත් වේගමාපක යන්ත්‍ර හා රුපියල් මිලියන 17ක වටිනාකමින් යුත් යු.පී.එස්. 1,750ක් පොලීසිය වෙත ප්‍රදානය කර තිබේ.

නීතිය සහ මහජන ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා පොලීසියට අවශ්‍ය තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීම මගින් ජනතා වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පහසු කිරිමත් මෙමගින් අපේක්ෂා කෙරේ.