WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

2026 February 19- Page Views : 37

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සඳහා පවතින පවිත‍්‍ර රාමසාන් උපවාස මාසය අද (19) ආරම්භ වනවා.

ඊයේ (18) සන්ධ්‍යාවේ කොළඹ මහ පල්ලිය ඒ බව නිවේදනය කළා.

රට පුරා පත්කරන ලද හිලාල් උප කමිටු වාර්තා අනුව, නව අඩ සඳ ඊයේ (18) දර්ශනය වූ බැවින්, රාමසාන් මාසය අද (19) සිට ආරම්භ කිරීමට තීරණය කළ බවයි කොළඔ මහ පල්ලිය දැනුම් දී ඇත්තේ

ඒ අනුව, All Ceylon Jamiyyathul Ulama (ACJU) හිලාල් අංශය, කොළඹ මහ පල්ලිය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එකමතිකව තීරණය කළේ රාමසාන් මාසයේ පළමු දිනය අදට යෙදෙන බවයි.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසය වන රාමසාන්, ඉස්ලාමීය කුළුණු පහෙන් එකක් ලෙස සැලකෙන පූජනීය උපවාස මාසයක් වන අතර, මුස්ලිම් ජනතාවට පවිත්‍ර මාසයක් ලෙස සැලකේ.