WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෙඩිතැබීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

2026 February 20- Page Views : 24

වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබූ මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව, ඊයේ (19) උදෑසන මෙම අපරාධයට යොදාගත් යතුරුපැදියේ වර්ණය වෙනස් කර සන්තකයේ තබාගැනීම, ගිනි අවිය ප්‍රවාහනය කිරීම සහ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 හා 27 ක් වන අතර, ඔවුන් කළුතර උතුර සහ බෝඹුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී අදාළ යතුරුපැදියේ ගලවා තිබූ කොටස්, වර්ණය වෙනස් කිරීම සඳහා භාවිත කළ ද්‍රව්‍ය, ව්‍යාජ අංක තහඩු ජෝඩුවක් සහ ව්‍යාජ ආදායම් බලපත්‍රයක් ඇතුළු දේපළ විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.