WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බිරියගේ ගෙල කපා මරා පොලීසියට බාර වෙලා

2026 February 20- Page Views : 39

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා සිය  බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට ගෙල ඇයගේ අනියම් සැමියාගේ මිදුලට දමා අද අලුයම නෙළුව පොලිසියට පැමිණ බාරවි ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පෙලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ නෙළුළු සියඹලාගහහේන හප්පිටිය පදිංචි මහපටගේ ඉරේෂා මදුමාලි නමැති 32 හැවිරිදි තිදරු මවකි.

ඝාතනයවු කාන්තාව නිවස අසල පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් හේතුකොට ගෙන ඇයගේ සමියා විසින් තේ ගස් කපන පිහියකින් ඇයගේ ගෙල කපා එම නිවසේ සිට මිටර් 200ක් දුරින් පිහිටි අනියම් සැමියාගේ මිදුලට ගෙල ගෙනැවිත් දමා පොලිසියට පැමිණ බාරවි ඇත.

ඝාතනය සිදු කරන  ලද සැකකරු කලක් යුද  හමුදාවේ සිට සේවයෙන් ඉවත්වු අයෙකු බවද පොලිසිය පවසයි.