WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇමති අනුර කරුණාතිලක තලෛයි මන්නාරම් ජැටියේ නිරීක්ෂණ චාරිකාවක

2026 February 20- Page Views : 32

තලෛයි මන්නාරම් ජැටියේ සංවර්ධනය කිරීමට යෝජිත සංකල්පීය සංවර්ධන සැලසුමට අනුව, ජැටියේ වර්තමාන පසුබිම ගැන සොයා බැලීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන මහත්වරු සමඟ අමාත්‍යාංශ ප්‍රධානීන්ද මන්නාරම් දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා නියෝජිතයින්ද එම අවස්ථාවට සහභාගී වී සිටියා.

තලෛයි මන්නාරම් ජැටිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසගත ගමනාගමන සම්බන්ධතාවයක් තිබූ ස්ථානයක්.

රාමේෂ්වරම් සහ තලෛයි මන්නාරම් ජැටිය අතර සතියකට තුන්වරක් ගමනාගමන සේවාවක් සිදු වී ඇති අතර 1984 වසර අවසානයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රවාහන වාණිජ සේවාව නතර වී තිබෙනවා.

දැනට පවතින ජැටියේ කොන්ක්‍රීට් කණු සහ වානේ ව්‍යූහයකින් ඉදිකර ඇති අතර ඒවා දිරාපත් වී ගොස් තිබෙනවා.

ගමන් වේදිකාව සඳහා භාවිතා කළ දැව තට්ටුවද අබලන් වී පවතිනවා.

තලෛයි මන්නාරම් ප්‍රදේශය, ඉන්දියාවට සමීප හේතුවෙන් භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්.

මෙම වරාය මඟින් මගීන් හා භාණ්ඩ අඩු වියදමකින් ප්‍රවාහනය කිරීම සඳහා ඉතා පහසු මාර්ගයක් ලෙස සැලසෙනවා.

එමඟින් තලෛයි මන්නාරම් වරාය ආර්ථික ආදායම් උත්පාදනය කල හැකි ස්ථානයක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නාවික ගමනාගමනය පවත්වාගෙන යමින් ආදායම් උත්පාදනය සිදු කිරීමට යෝජිතයි.

එලෙසම තලෛයි මන්නාරම් ජැටිය දුම්රිය ස්ථානයට ආසන්නව පිහිටා ඇති හෙයින් රට තුළට මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය ඉතා පහසුයි.

උතුරු ජැටිය අදියර කිහිපයකින් සංවර්ධනය කිරීම මූලික සැලැස්මෙන් යෝජිත වී තිබෙනවා.

පළමු අදියර යටතේ මීටර් 310ක් දිගින් හා මීටර් 7ක් පළලින් උතුරු ජැටිය ඉදිකිරීමට යෝජනා කර තිබෙනවා.

එමඟින් ප්‍රධාන මාර්ගයේ සිට නැව නැංගුරම් තබන ප්‍රදේශය දක්වා මගීන් සහ වාහන ප්‍රවේශය පහසු කරනු ලැබෙනවා.

රාත්‍රී නාවික ගමනාගමනය සඳහා අවශ්‍ය ආලෝක උපකරණ ඉදිකිරීමට යෝජිතයි.

තවද මඟී ප්‍රවාහනයේදී අවශ්‍යය යටිතල පහසුකම් සැපයීමට පර්යන්ත ගොඩනැඟිලි, වාහන නැවැත්වීමේ පහසුකම් ආදිය සපයාදීම අවශ්‍යයි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට, ප්‍රථමයෙන් එහි තාක්ෂණික, වෙළඳපොල,ආර්ථික,පාරිසරික සහ මූල්‍ය හැකියාවන් ඇගයීම සඳහා සක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට අවශ්‍යය පියවර ගනිමින් පවතිනවා.