වරාය පරිශ්‍රය තුළ බහාලුම් ප්‍රවාහන තදබදයක්
2026 February 21- Page Views : 36
වරාය පරිශ්‍රයේ ආනයනික බහාලුම් පිට කිරීමේ අක්‍රමිකතා හා වරායෙන් පිටත අංගනවල ආනයනික බහාලුම් පරික්ෂා කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මේ වනවිට වරාය පරිශ්‍රය තුළ දැඩි තදබදයක් හටගෙන ඇතැයි බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ මෙම ගැටලුව විසඳීමට යුද හමුදාවේ හෝ නාවික හමුදාවේ සහය ලබාගත යුතු බවයි.