WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මුහුදේ ගසාගෙන ගිය හොංකොං ජාතිකයින් දෙදෙනෙක් දික්වැල්ලේදී බේරාගනී

2026 February 21- Page Views : 47

දික්වැල්ල, පෙහෙඹිය මුහුදු තීරයේ දියනෑමට ගොස් දියවැළකට හසුව ගසාගෙන යමින් සිටි විදේශික යුවළකගේ ජීවිත බේරා ගැනීමට දික්වැල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. ඊයේ (19) සවස් කාලයේදී මෙම අනතුරට මුහුණ දී ඇත්තේ හොංකොං රාජ්‍යයේ සිට මෙරට සංචාරයක නිරතව සිටි 26 හැවිරිදි කාන්තාවක් සහ 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. මොවුන් දෙදෙනා පෙහෙඹිය වෙරළ තීරයේ දිය නෑමට ගිය අවස්ථාවේ ප්‍රබල දියවැළකට හසුව මුහුද දෙසට ගසාගෙන යන අවස්ථාවේ වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි දික්වැල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිළධාරීන් තිදෙනෙකු වහා ක්‍රියාත්මක වී සිය ජීවිත අවදානමද නොතකා මුහුදට පැන විදේශිකයන් දෙදෙනා ආරක්ෂිතව වෙරළට රැගෙන ඒමට සමත් ව තිබුණා. පොලිස් සැරයන් (46484) තිලකරත්න, පොලිස් සැරයන් (69394) පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් (32622) ප්‍රසන්න යන ජීවිතාරක්ෂක නිළධාරීන් තිදෙනා මෙම‍ මෙහෙයුම සිදුකර තිබුණා.