WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුංගාවිල සෝමවතිය මාර්ගය ජලයෙන් යට වෙයි – රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවයි

2026 February 23- Page Views : 38

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල සෝමවතිය මාර්ගය ජලයෙන් යටවීම වැඩිවීම හේතුවෙන් එම මාර්ගයේ සියළු රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට පුලස්තිපුර පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සුංගාවිල සෝමාවතිය මාර්ගය සියළු රථ වාහන ධාවනය සඳහා තවදුරටත් වසා දැමීමට පුලස්තිපුර පොලිසිය කටයුතු කළා.

මහවැලි ගඟේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහල යාම මත මෙලෙස එම මාර්ගය මේවනවිට දිග්ගල ප්‍රදේශයෙන් අඩි 03කින් පමණ ජලයෙන් යටවී තිබෙනවා.

ඓතිහාසික සෝමාවතිය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ජනතාව හට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොළොන්නරුව ආපදා කළමණාකරන ඒකකයේ නිළධාරීන් ජනතාවට දැනුම් දුන්නා.