WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියානු සංචාරකයකුගේ ඩොලර් 2000ක් සොරකම් කළ නිකේතන හිමිකාරියගේ දියණිය අත්අඩංගුවට

2026 February 24- Page Views : 39

උණවටුන, ගණහේන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකු සතු ඇමරිකානු ඩොලර් 2,000ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ හයයි විසිදහසක් පමණ) සොරකම් කිරීම සම්බන්ධයෙන් එම නිකේතනය හිමි කාන්තාවගේ 18 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසනවා.

අදාල රුසියානු ජාතික සංචාරකයා මෙම සංචාරක නිකේතනයේ නවාතැන් ගන්නා අතරතුර, එහි අයිතිකරුවන්ට නොදන්වා තමා නවාතැන් ගෙන සිටි කාමරය තුළ රහසිගත ආරක්ෂිත කැමරාවක් (CCTV) සවි කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

පසුගිය ඉරිදා (22) මොහු සිය කාමරයෙන් බැහැරව ගොස් නැවත පැමිණ පරීක්ෂා කිරීමේදී, එහි තිබූ රුපියල් හය ලක්ෂ විසිදහසකට අධික මුදල කිසිවෙකු විසින් සොරකම් කර ඇති බව දැනගෙන තිබුණා.

පසුව විදේශිකයා තමා සවි කළ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර ඇති අතර, එහිදී නිකේතන හිමිකාරියගේ දියණිය කාමරයට ඇතුළු වී මුදල් සොරකම් කරන ආකාරය පැහැදිලිව රූගත වී තිබී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සංචාරකයා උණවටුන සංචාරක පොලිසියට මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ලැබුණු පැමිණිල්ලට අනුව උණවටුන සංචාරක පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර ඇතුළු කණ්ඩායමක් අදාල හෝටලයට ගොස් පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය හබරාදුව පොලිසිය වෙත භාර දී ඇති අතර, හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ උපදෙස් පරිදි විමර්ශන සිදුකෙරනවා.