මෛත්‍රී, නලින්ද හමුවූයේ ඇයි?
2026 February 27- Page Views : 32
සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ සේවකයින් අතර කසුකුසුවකි. "කාර්යාල කාර්ය සහකරුවෙක් තවත් අයෙකුට කීවේ අපේ හිටපු ඇමතිතුමා ඇවිල්ලා" යනුවෙන්. මෙය සිදුවූයේ පසුගිය අඟහරුවාදා දිනයේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණ සිටියේ වත්මන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවීමටයි. හිටපු සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාලට අමාත්‍යංශය නුපුරුදු තැනැක් නොවෙයි. විශේෂත්වයට කරුණ වූයේ ඔහු ඇමතිවරයාව සිටි කාලයේ සේවය කළ ඇතැම් සේවකයින් එම අමාත්‍ය කාර්යාලය තුළ දැනටත් සේවය කිරීමයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිවරයා විශේෂ සාකච්ඡාවක සිටි බැවින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට මද වෙලාවක් රැදී ඉන්නට සිදුවුණා.
එම කාලය තුළ ඇමතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු සමඟ මද වෙලාවක් කතා කරමින් කාලය ගෙවා දැමුවා . "මේ පුටුවේ සෞඛ්‍ය ඇමති විදියට ඉඳලා මම ජනාධිපති පුටුවටත් ගියා." සෞඛ්‍ය ඇමතිවරයාගේ පුටුව පෙන්නා හිටපු ජනාධිපතිවරයා මද සිනාවක් පෑවා.
අනතුරුව සෞඛ්‍ය ඇමතිවරයා සිය කාමරයට පැමිණි අතර හිටපු ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රශ්නය ඉදිරිපත් කළා . "පොළොන්නරුවේ වකුගඩු රෝහලේ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඔබතුමා මේක විසඳලා දෙන්න." හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා .
දුෂ්කරතා පිළිබඳව තමන් දන්නා බවත් එහි සංචාරය කළ අවස්ථාවක කාර්ය මණ්ඩලය ඒවා පෙන්වා දුන් බවත් ඇමතිවරයා සඳහන් කළ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අමාත්‍යංශයේ කාර්යමණ්ඩලයද කැඳවා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නය පිළිබඳ සොයා බැලීමට ඇමතිවරයා මැදිහත් වුණා.