WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොඩි ලැසී ගැන අංශ 3ක් ඔස්සේ විමර්ශන

2026 February 28- Page Views : 29

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී සම්බන්ධයෙන් අංශ 3ක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගත් බවයි.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ අලුයම මෙරටට රැගෙන ආ අතර, පසුව වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත බාරදෙනු ලැබුවා.

පොඩි ලැසී මෙලෙස ඇප ලබා සිටියදී ඉන්දියාවට පලාගොස් තිබුණේ විදේශගත වීම තහනම් කරමින් අධිකරණය විසින් ඇප කොන්දේසි පනවා තිබියදීයි.

අනතුරුව ඔහු පසුගිය ජනවාරි මස 16 වැනිදා මුම්බායිහිදී ඉන්දීය බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

2015 වසරේදී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමේ චෝදනා ද ඔහුට එල්ල වන අතර, සිය පියා ඝාතනය කිරීමට පලිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර තිබූ බවයි පසුව අනාවරණය වුණේ.

අපරාධ වාර්තාවන්ට අනුව දකුණේ පාතාලයේ වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ පොඩි ලැසී විසින් මෙහෙයවූ කණ්ඩායම් විසින් බවයි අනාවරණය වන්නේ.