ලාෆ්ස් ගෑස් තොගයක් අද මෙරටට
2026 February 28- Page Views : 28
ලාෆ්ස් ගෑස් සමාගම ආනයනයන කළ ගෑස් තොගයක් අද (28) SINAR TORAJA නෞකාව හරහා මෙරටට ළඟා වූ බව එම සමාගම සඳහන් කරනවා. ඒ අනුව, එම ගෑස් තොගය කඩිනමින් අද සිට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බවයි සමාගම පවසන්නේ. ගෘහස්ත පාරිභෝගිකයන් හට අද සිට සාමාන්‍ය පරිදි ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා අවශ්‍ය ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ.