WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුරේෂ් සලේට දින 90 ක රැඳවුම් නියෝග

2026 February 28- Page Views : 26

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේගෙන් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගත් බව පොලිසිය පවසනවා.

ඒ දින 90 ක කාලයක් සඳහායි. පසුගිය 25 වැනිදා පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සුරේෂ් සලේ, යුද්ධය පැවැති සමයේදී රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ අතර 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වන විට මැලේසියාවේ තානාපති කාර්යාල නිලධාරියෙකු ලෙස කටයුතු කළා.

එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනයි

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඔහුව එම තනතුරින් ඉවත් කිරීමෙන් පසු මේජර් ජනරාල් සුරේෂ් සලේ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පත් කෙරුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව විසින් විකාශය කරන ලද මතභේදාත්මක වාර්තා චිත්‍රපටය මගින් ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළිදරව් ගණනාවක් සිදු කළ අතර එහිදී සුරේෂ් සලෙයි පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවටද කරුණු සඳහන් වුණා.

එම වීඩියෝව පදනම් කරගෙන සමාජ සහ සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා පියතුමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ද ගොනු කර තිබුණේ එම චෝදනා පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්.

එම පරීක්ෂණවල ප්‍රගතිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දෙමින් 2024 වසරේ නොවැම්බර් මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක බවයි.

එවැනි පසුබිමක නව රජය පත්වීමෙන් පසු 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී සුරේෂ් සලේ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරෙන් විශ්‍රාම ගැන්වීමට පියවර ගනු ලැබුවා.