WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

2026 March 01- Page Views : 24

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද (28) පැවැති තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගන්නා ගැනීමට නියමිතද යන්න පිළිබඳව සනත් ජයසූරිය මහතා අදහස් දැක්වීමක් කළේය.

ඒ අද පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී පිළිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසුවේ තමන් මින් පෙර පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් තමාගේ කාලසීමාව එළැඹෙන ජූනි මාසය දක්වා පවතින බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තමන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවත් පැවසූ ඒ මහතා පැවසුවේ ඒ සම්බන්ධව ක්‍රිකට් ආයතනය සමගද සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා,

"මම හිතුවා තව කාට හරි දෙන්න ඕනේ කියන එක.  ඒ හින්දා තමයි මම මාස දෙකකට කලින් එංගලන්ත සීරියස් එකේදී කිව්වේ මම මේකේ ඉන්න බලාපොරොත්තුවක් නෑ කියලා. මම ඒ තීරණය අරගෙන තමයි ඒක කිව්වේ. මම හිතුවා වර්ල්ඩ් කප් එක හොඳ නෝට් එකකින් පුහුණුකරු හැටියට යන්න පුළුවන් කියලා. මට හිතපු තරම් ඒක කරන්න බැරිවුණා. මට ඒ ගැන දුකයි. හැබැයි ඒ තිබිච්ච තැන ඉඳලා මේ ටීම් එක අවුරුදු එකහමාරක් ඇතුළත මට නම්බර් 4 එකට ගේන්න පුළුවන් වුණා. ටෙස්ට් ටීම් එක මම නම්බර් 6 එකට ගෙනාවා. මම තනියම කළේ නෑ මගේ සපෝට් ස්ටාෆ් එක මට මාර සපෝර්ට් එකක් දුන්නා පළවෙනි දවසේ ඉඳලාම. මම හිතනවා මම කරපු දේවල්වලින් මට සන්තෝෂ වෙන්න පුළුවන් කියලා. හැබැයි මට සන්තෝස වෙන්න බෑ වර්ල්ඩ් කප් එකක් ඉවර වෙච්ච විදිහ. ඒ ගැන හොඳටම දුකයි බලමු මගේ කන්ට්‍රැක්ට් එක ජූනි වෙනකන් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මම තාම ඔෆිෂියලී දීලා නෑ කිසිම දෙයක්. ඉතිං ඒ අයත් එක්ක කතා කරන්න ඕනේ මොකක්ද කරන්නේ කියන එක."