මැදින් පුර පසළොස්වක පොහොය අදයි
2026 March 02- Page Views : 12
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වීම, නන්ද කුමර පැවිදි කිරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සදහන්.
මේ අතර දෙරණ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන දෙරණාභිවන්දනා පෝදා සජීව විකාශය මෙවර ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයානන් අභියස පැවැත්වේ.
එමෙන්මව එෆ්.එම් දෙරණ අසපුව නවම් පෝදා සජීව විකාශය අද දවස පුරා බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ.
131 වන වරට පැවැත්වෙන අසපුව පෝදා වැඩසටහනේ දී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් සජීව ලෙස එෆ් දෙරණ ඔස්සේ ප්‍රචාරය කිරිමට නියමිතය.