නිට්ටඹුවෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි
2026 March 02- Page Views : 20
නිට්ටඹුව - රණවිරුගම හන්දිය අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 60ත් 65ත් අතර වූ උස අඩි 05යි අගල් 03ක් පමණ වූ සුදු ඉරි සහිත සරමක් හැඳ සිටි අයෙකු බව වාර්තා වේ.
එමෙන්ම පොලීසිය පැවසුවේ ඔහු මුහුණ පුරා රැවුල වවා සිටි පුද්ගලයෙකු බවය.
මෘත ශරීරය වතුපිටිවල රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නිට්ටඹුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.