WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

2026 March 03- Page Views : 18

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ වැලිවේරිය ඇඹරලුව උතුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව ද සඳහන්.

එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 410,470 මුදලක් සමග තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.