WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දික්ඕවිට වරායට ගෙනා බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින් - තවත් යාත්‍රාවක් බේරුවලදී අල්ලයි

2026 March 16- Page Views : 10

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

එම යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන ආ අතර එහිදී සිදුකළ පරීක්ෂාවකින් අනතුරු මෙය මත්ද්‍රව්‍ය බවට තහවුරු කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ශාංශය පියවර ගනු ලැබීය.

ඒ අනුව එම යාත්‍රාව තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බවද සඳහන් කළේය.

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ (15) දිනයේදී නාවික හමුදාව විසින් වැටලූ අතර ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය උර 6ක් ද නාවික හමුදා භාරයට ගනු ලැබීය.

යාත්‍රාව තුළ සිටි සැකකරුවන් 5ක්ද නාවික හමුදා භාරයට ගනු ලැබූ අතර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු ඔවුන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර බේරුවල මුහුදු සීමාවේදී තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මෙහිදී අනාවරණය කළේය.

එම බහුදින ධීවර යාත්‍රාවද මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

"මේ අවස්ථාවේ නාවික හමුදාව මූලික වෙලා දැනටමත් තවත් විෂ මත්ද්‍රව්‍ය රටතුළට ගෙන එන තවත් ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට අරන් තියෙනවා මීට සුළු මොහොතකට පෙර බේරුවල මුහුදු සීමාවට ඔබ්බෙන්. ඒකේ ප්‍රමාණය තවම අපිට හරියට දැනුම් දෙන්න බැහැ ඒකත් අපිට කියන්න පුළුවන් මෙහෙට ගෙනාවට පස්සේ."

මින් පෙරද පසුගිය සතියේදී දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 3ක් නාවික හමුදාව විසින් වැටලූ අතර මෙම වසර තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 7ක්ද නාවික හමුදාව විසින් වටලනු ලැබීය.