රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමට කඩුලු හයක ජයක්
2026 March 29- Page Views : 19
2026, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම සමඟ පැවැති තරගය කඩුලු 06කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලූර් කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හයිද්‍රභාත් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 201කි.
එහිදී නායක ඉෂාන් කිෂන් ලකුණු 80ක් සහ අනික්ට් වර්මා ලකුණු 43ක් රැස්කරගත්තහ.
පන්දුයැවීමේදී ජෙකොබ් ඩුෆි සහ රොමාරියෝ ශෙෆර්ඩ් කඩුලු 03 බැගින් දවා ගත්තහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම පන්දුවාර 15.4ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.
එහිදී විරාත් කෝලි ලකුණු 69ක් සහ දේව්ඩුට් පඩික්කල් ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය.
පන්දුයැවීමේදී ඩේවිට් පයින් කඩුලු 02ක් බිඳහෙළුවේය.
සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම නියෝජන කරමින් ක්‍රීඩා කළ එෂාන් මාලිංග පන්දුවාර දෙකක් තුළ ලකුණු 35ක් ප්‍රතිවාදීන්ට ප්‍රදානය කළේය.
මෙම තරගය පැවැත්වුණේ, බැංගලූර්හිදීය.