මුණුපුරාගේ පහරදීමකින් මිත්තණියට දිවි අහිමිවෙයි
2026 April 09- Page Views : 7
තඹුත්තේගම - මල්වානේගම ප්‍රදේශයේ දී කාන්තාවකට පහරදී ඝාතනය කර තිබේ.
ඊයේ (08) උදෑසන මරණකාරියගේ මුණුපුරා විසින් පුද්ගලික ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ වයස අවුරුදු 82 ක් වූ මල්වානේගම, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
වයස අවුරුදු 23 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.