බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට
2026 April 10- Page Views : 10
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් අදාළ යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත ඉදිරිපත් කරණු ලැබීය.
බලශක්ති කලමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබේ.