WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

2026 April 29- Page Views : 5

රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් රැසකට අවශ්‍යකර සිටි පුද්ගලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එහිදි සැකකරු සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200ක් සොයාගත් බවද සඳහන් වෙයි.

44 හැවිරිදි වියේ පසුවන සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල‍, මිරිහාන, කඩුවෙල, හෝමාගම, කහතුඩුව, මොරටුව, වැල්ලම්පිටිය, නාරාහෙන්පිට, කිරුලපන,කුරුදුවත්ත සහ මෝදර යන ප්‍රදේශවලදි කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් රැසකට සම්බන්ධව අවශ්‍යකර සිටි පුද්ගලයෙකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර, සොරකම්කරන ලද යතුරුපැදියක් සහ කොල්ලකන ලද රන්මාල 5ක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.