බෝතලයකින් පහරදී මිතුරාව ඝාතනය කරලා
2026 May 04- Page Views : 6
යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා මිතුරෙකු සමඟ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදී ඇති වූ ආරවුලක් මත මිතුරා විසින් බෝතලයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අවුරුදු 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යාපනය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.