WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වසර 20කට ආසන්න නඩු විභාගයකින් පසු 5කට මරණ දඬුවම 

2026 May 23- Page Views : 9

වසර 19කට පෙර පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක විත්තිකරුවන් 5දෙනෙකුට බලපිටිය මහධිකරණයය මගින් මරණ දඬුවම ලබාදී තිබේ.

ඔවුන් පස්දෙනා අතර පියෙකු හා පුතුන් දෙදෙනෙකුද සිටින බව සඳහන්ය.

පොලු මුඟුරුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ සැකකරුවන් 5දෙනෙකුට වසර 19ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම ලබාදීමට බලපිටිය මහධිකරණය ඊයේ (22) නියෝග කර තිබේ.

මෙසේ මරණ දඩුවම නියම කර ඇත්තේ, එකම පවුලේ පියා,පුතුන් ඇතුලු ඥාතීන් පස්දෙනෙකුටය.

විත්තිකරුවන් අතින් ඝාතනය වී තිබුණේ බටපොළ, බටදූව පදිංචිකරුවෙක්ය.

2007 ජූලි මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පවුල් ආරවුලකට විත්තිකරුවන් විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, එය සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන බව පවසමින් බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා මෙම මරණ දඬුවම ලබාදීමේ නියෝගය ලබාදී තිබේ.