ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ඩිජිටල් හැඳුනුම්පත් (NDID) නියමු වැඩසටහන ලබන මස පළමුවැනිදා සිට තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

මෙම නව ඩිජිටල් හැඳුනුම්පත මගින් පුරවැසියන්ට නිවසේ සිටම බැංකු ගිණුම් විවෘත කිරීම, ගමන් බලපත්‍ර අයදුම් කිරීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම ඇතුළු රාජ්‍ය සේවාවන් රැසක් ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව හිමිවනු ඇත. දත්ත ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක ප්‍රමිතීන් භාවිත කර ඇති බව බලධාරීහු අවධාරණය කරති.