www.ikman.news web
මහව පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
|
මහව හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවන වෙමින් තිබුණු අංක 857 සීග්‍රගාමී දුම්රිය, රාගම සහ හොරපෙ දුම්රිය ස්ථාන අතරදී පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. |
තනි රෝදයෙන් සෙල්ලම් දැමු 12 ක් අත්අඩංගුවට
|
සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 ක් යතුරුපැදි 18 ක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. |
ගැටුම මරණයෙන් කෙළවර වෙයි
|
වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් පුද්ගලයකු බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. |
දියේ ගිලී තරුණයෙක් මරුට
|
අනුරාධපුර විජය පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිය නැන්දාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට, අහංගම ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකු, අවමගුල් උත්සවයේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. |
පල්ලෙකැලෙන් රැඳවියෙක් පනී
|
වසර 11 ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි. |
තරුණියන් දෙදෙනෙක් දියේ ගසාගෙන යයි
|
නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇත. |
|
|
|
|