Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්

|Fri,08 June 2018 10.20|Security| Page Views : 17

අලුත් පුවත්
රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය වහයි
හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයට පස්කදු කඩා වැටෙයි
දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්
ෆේස්බුක් එකට සිංහල භාෂාව දන්නා සේවයකයන් වැඩට ගනියි
යාපනයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් 03ක් නිදහස්
පාලිතගෙන් රිලවුන්ට සංග්‍රහයක්
කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ ආරක්ෂාව පිණිස විශේෂ මංතීරුවක්
 
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා හදිසියේම හෘදයාබාධයකට ලක් වී 7 දා රාත්‍රී යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

ශිවාජිලිංගම් මහතා නිවසේ සිටියදී හදිසියේම රෝගාතුර වීම නිසා ඔහුව රෝහල් ගත කොට තිබේ.

මේ වන විට මන්ත්‍රීවරයා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය බාර වෛද්‍යවරයා පැවසීය.

යාපනයේ ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලියෙන් පසුගිය සතියේදී ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාට මරණීය තර්ජන එල්ල වූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටියේද අනවශ්‍ය කරදර ඇති වීම වළක්වා ගැනීමේ චේතනාවෙන් බව පවසන ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ පවුලේ උදවිය ඔහු මේ සිද්ධියෙන් පසුව දැඩි කම්පනයකට පත්ව සිටි බවද කියා සිටියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න