Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෝම්බ ප්‍රහාර හේතුවෙන් පීඩාවට පත්වී ඇත්තේ දමිළයින්ය

|Tue,21 May 2019|Political| Page Views : 101

අලුත් පුවත්
සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්
වීසා නැතුව සිටි පකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට
ජවිපෙ විශ්වාසභංග යෝජනාව භාර දෙයි
විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද සහ හෙට ඇර‌ඹෙයි
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදට මාසයයි
අද පාර්ලිමේන්තුව රැස්වෙයි
මාතෘ භූමියේ එක් බිම් අඟලක්වත් යළි ත්‍රස්තවාදයකට ගොදුරු වන්නට ඉඩ තබන්නේ නෑ
ඊජිප්තුවේ සංචාරක බස් රථයකට ප්‍රහාරයක්
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

“බෝම්බ ප්‍රහාර හේතුවෙන් විශාල වශයෙන් පීඩාවට පත්වී ඇත්තේ දමිළයින්ය. සිංහල බෞද්ධ කණ්ඩායම් මෙය අවස්ථාවක් ලෙස ගෙන සැළසුම් සහගතව මුස්ලිම්ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් සිටියි.

මෙමගින් මෙරට සිංහල බෞද්ධ රටක් යනුවෙන් බොහෝ පුද්ගලයින්ට පෙන්වාදිමට උත්සාහ කරනු ඇත” යනුවෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

මෙරටේ බෝම්බ ප්‍රහාර සිදුවීමෙන් පසු ඇතිවෙමින් තිබෙන ප්‍රචණ්ඩකාරි තත්වයන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“මෙරටේ ඇතිවූ බෝම්බ ප්‍රහාර සිදුවීම මගින් පීඩාවට පත්වූයේ දෙමළ ජනතාව පමණක් නොව, ක්‍රිස්තියානි දෙමළ ජනතාව සහ ක්‍රිස්තියානි සිංහල ජනතාව මෙන්ම විදේශිකයින්ද පීඩාවට පත්වී ඇත.‍ මෙම සිදුවිම තුලින් බෞද්ධ සිංහල ජනතාව මියගොස් ඇති බව මාහට දැනගැනීමට ලැබී නොමැත.

මෙවැනි පසුබිමකදී, උතුරු නැගෙනහිර පළාතේ ඇතිවූ සිදුවීම් දෙස අවදානය යොමුකකිරීමේදී, මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙන් අහිංසක මුස්ලිම් ජනතාවගේ දේපලවලට සිංහල බෞද්ධ කණ්ඩායම් විසින් ගිණිතබා, ජනතාවට පහරදී පීඩාකාරි තත්වයකට පත්කර ඇත.

එබැවින්, එය පෙන්වාදී මෙවැනි ආකාරයේ ප්‍රචණ්ඩකාරි තත්වයන් ඇතිවනු ඇත. ඔවුන්ට මේ ආකාරයෙන් සිදුකල යුතු බව මීටපෙර සැළසුම් කර, ඒ ආකාරයෙන් සිදුකරන්නේද? යන්න සිතීමට අවශ්‍ය කරුණකි.

එබැවින්, 1983 වර්ෂයේ සිදුවූ ආකාරයෙන්ම බොරැල්ලේ සිට දමිළයින්ගේ විස්තර ගෙන, ඔවුන්ට එරෙහිව ප්‍රහාරයන් සිදුකරන ලදි. වැල්ලවත්තේදී දමිළයින්ගේ නම ප්‍රකාශයට පත්කර ඔවුන්ට ප්‍රහාර එල්ල කරන ලදි.

මේ ආකාරයෙන්ම, කිසිඳු පීඩාකාරි තත්වයකට පත්නොවූ සිංහල බෞද්ධ ජනතාව මෙය අවස්ථාවක් කරගෙන මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රහාර සිදුකරන ලදි.

මෙමගින් මෙරට සිංහල බෞද්ධ රටක් බවට පෙන්වාදීමට උත්සාහ කරන ලදි. ඒ සඳහා අප සියළු මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් ලෙස ප්‍රකාශ නොකල යුතුය. නමුත්, ඔවුන්ව හේතුවක් කොට තබාගෙන, සාධාරණ මුස්ලිම් ජනතාවට එරෙහිව සැළසුම් සහගතව ප්‍රහාර එල්ල කරනු ඇත. මෙය අප පිළිගත නොගත යුතුය” යනුවෙන් සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න