WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවයි

2026 April 18- Page Views : 4

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව විසින් ඉන්දීය නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධියෙන් බලහත්කාරයෙන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වේ.

නැව් ගමනාගමනය නිරීක්ෂණය කරන 'TankerTrackers' ආයතනය X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාත්‍යන්තර සමුද්‍රීය හදිසි ඇමතුම් නාලිකාවක් වන Channel 16 ඔස්සේ ලැබුණු පටිගත කිරීම් දෙකක් මගින් මෙම තොරතුරු තහවුරු කරගත් බවයි.

මෙම සිදුවීමේදී වෙඩි තැබීම් ද සිදුව ඇති බව වාර්තා වේ. ඉන් එක් නෞකාවක් ඉරාක බොරතෙල් බැරල් මිලියන 2ක් රැගත් ඉන්දීය ධජය සහිත අතිවිශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවකි.

අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීමට එරෙහිව හෝමූස් සමුද්‍ර සන්ධිය යළිත් ඉරාන සන්නද්ධ හමුදාවල පාලනය යටතට ගෙන ඇති බව විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබුණි.

පසුගිය පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද ප්‍රහාර එල්ල කළේය.

පසුව පාකිස්තානයේ මැදිහත්වීමෙන් අප්‍රේල් 8 වෙනිදා සිට සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගිය සිකුරාදා ප්‍රකාශ කර තිබුණේ ලෙබනනයේ සටන් විරාමයට සමගාමීව හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකා සඳහා විවෘතව පවතින බවය. එසේ තිබියදී මෙම නවතම ගැටුම වාර්තා වීම කලාපීය ආරක්ෂාව පිළිබඳ යළිත් සැක මතු කර තිබේ. වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාම සාකච්ඡා මේ වන විටත් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට උත්සාහ කරමින් පවතින පසුබිමක මෙම සිදුවීම වාර්තා වී ඇත. මේ අතර අද දිනයේ දුම්රිය ධාවනය ද සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොළඹ සිට පිට පළාත්වලට යාම සඳහා අඩු මගීන් සංඛ්‍යාවක් නිරීක්ෂණය වූ බැවින් මෙම පියවර ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා සඳහන් කළේය. කෙසේවෙතත් කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියන්, තැපැල් දුම්රියන් සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා කීය.