Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යෝජනා 27 ක් සම්මත කර ඇත!

|Wed,03 July 2019|Political| Page Views : 144

අලුත් පුවත්
සන්ධානයක් පිහිටුවා ඇත
මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය සමාරම්භක උත්සවය අද
දුම්රිය වෘත්තීය සමිති ‘වර්ජනය’ ගැන තීන්දුවක් ගනී
පුත්තලම නිවසක අත් බෝම්බයක්
දෝව රක්ෂිතයේ ගින්නක්
මඩු පල්ලියේ පුජාවට විශාල ජන ගඟක්
මිනුවන්ගොඩ සිව්දෙනෙකුට ලක්ෂයක දඩ
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

2019.06.30 වන දින යාපනයේ විරසිංහම් ශාලාවේදී පවත්වන ලද ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ 16 වන ජාතික මහ සමුළුවේදී යෝජනා 27 ක් සම්මත කර ඇත.

ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ ජාතික මහ සභා රැස්වීම පක්‍ෂ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. අදාල සමුළුවට පෙර, දුරෙයිඅප්පා ක්‍රීඩංගනය අසළ පිහිටි තන්දෙයි සෙල්වාගේ ස්මාරකය අනුස්මරණය කර ඇත. ඉන් පසුව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධගේ මුලිකත්වයෙන් තන්දෙයි සෙල්වාගේ ස්මාරකයට මල්මලා පලඳවා අනුස්මරණය කර ඇති අතර, පසුව සමුළුව පැවති විරසිංහම් ශාලාව දක්වා රැළියක් ලෙස ගොස් ඇත.

අදාළ වැඩසටහනේදී උතුරු නැගෙනහිර පළාත්වලට අයත් ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් සභාවේ උප නායක, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පක්‍ෂයේ සාමාජිකයින්, දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂවල නියෝජිතයින් සහ මහජනතාව ඇතුළුව බොහෝ දෙනෙකු සහභාගි වී ඇත. එම සමුළුවේදී, දේශපාලන විසඳුම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව, ආක්‍රමණය කර ඇති ඉඩම් නිදහස් කිරීම, අතුරුදහන් කළ පුද්ගයින් සඳහා වන විසඳුම, නැවත පදිංචි කිරීම, දේශපාන රැඳවියන්ගේ නිදහස, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, රැකියා අවස්ථා, සටන්කාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු යෝනා 27 ක් සම්මත කර ඇත.

සම්මත කර ඇති යෝජනා, මෙරටේ පසුගිය අවුරුදු 60 කට වැඩි කාලයක් දෙමළ ජාතික ගැටළුව සඳහා දේශපාලන විසඳුමක් නොලැබීම හේතුවෙන්, සිදුවෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී සටන් වලිනුත්, ආයුධ සන්නද්ධ සටනේ බලපෑම් හේතුවෙනුත්, 2012 වර්ශයේ සිට 2015 වර්ෂය දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සභාවේ යෝජනා, ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම් මෙරටේ ජාති ගැටළු සඳහා දේශපාලන විසඳුමක් ලැබිය යුතුය යනුවෙන් මෙරටේ පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළ යුතුය යන යෝජනාව ඒකමතිකව සම්මත කර ඇත.

ඒ හේතුවෙන්, අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නමුත්, දෙමළ ජාතක ගැටළුව සඳහා එක් සම්පූර්ණ විසඳුමක් ලබාදී නොමැත. ප්‍රමාදයන්, බාධා, සිදුකරනු ඇත. ජාති ගැටළු සඳහා දේශපාලන විසඳුමක් ඉතා ඉක්මනින් මෙම වර්ෂය තුල ලබාදිය යුතුය යන්න රජයටත්, දේශපාලන පක්‍ෂවලටත් සියළුඹ සමාජ වෙත ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සඳහා මෙම සමුළුවේදී ඉල්ලීම් කර ඇත.

එම දේශපාලන විසඳුම එක්සත් ශ්‍රී ලංකාව දෙමළ ජනතාවගේ ස්වෛරීත්වය, ස්වයංනිර්ණ අයිතිය, මානව හිමිකම් රාමුවට අනුව ෆෙඩරල් ව්‍යුහකලාපවල ජාතීන් අතර ඒකීය රාජ්‍යයකට ඇති අයිතිය තහවුරු කළ යුතුය යන්න මෙම සමුළුව අවශ්‍ය වනු ඇත. තවද, මානව හිමිකම් කොමිසම් සභාවේ යෝජනා සම්පූර්ණයෙන්ම සම්මත කිරීමට අවශ්‍ය සියළු කටයුතු රජය සිදුකළ යුතුය යන්න මෙම මහ සමුළුව ඉල්ලා සිටිනු ඇත.

තවද, යුද කා‍ලයේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් උතුරු නගෙනහිර ප්‍රදේශවල ආක්‍රමණය කර ඇති පෞද්ගලික සහ රජයේ ඉඩම්, ප්‍රමාදයකින් තොරව නිදහස් කළ යුතුය යන්න මහා සභාව අවධානය කර ඇත. තවද, අතුරුදහන් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් යුද කාලයේදී යුද හමුදාව වෙත භාරවූ අයවළුන්, ඥාතීන් විසින් භාරදුන් අයවළුන් සම්බන්ධයෙන් කාලය ප්‍රමාද නොකර, විසඳුම් ලබාදිය යුතුය.

අඛණ්ඩව යුද්ධය හේතුවෙන් ප්‍රදේශ අතහැර ගිය ජනතාව තම ඉඩම්වල වහාම නැවත පදිංචි කළ යුතුය. යුද්ධය හේතුවෙන්, අත් අඩංගුවට ගෙන සිරකර ඇති අයවළුන්ට දේශපාලන විසඳුමක් ලබාගෙන, පොදු සමාව යටතේ නිදහස් කළ යුතුය.

රැකියා අවස්ථා අවශ්‍ය පරිදි, යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල අධ්‍යාපනය ගොඩනැගීම, උපාධිධාරීන්ට ඔවුන්ගේ කාලයට‍ අනුව 2012 වරෂයට පෙර සිට රැකියා නොමැතිව සිටි අයවළුන් රැකියා අවස්ථා තහවුරු කළ යුතුය. තවද, ස්වේච්ඡා ගුරු පත්වීම් ලබාසිටින සුදුසුතාවයට අනුව සොයාබලා මෙම වර්ෂයට පෙර, ස්ථිර පත්වීම් ලබාදිය යුතුය.

යුද්ධය හේතුවෙන්, අධ්‍යාපනය නොලැබූ පුද්ගලයින් විශේෂයෙන්ම, සටන්කාමීන් ලෙස සිටි අයවළුන්ට විශේෂ පුහුණුවීම්, ස්වයංරැකියා පුහුණුව ලබාදී රාජ්‍ය සහ පෞද්ගලික අංශවලින් රැකියා අවස්ථා ලබාදිය යුතුය. තවද, රාජ්‍ය අංශයේ පුරප්පාඩු එම ප්‍රදේශවලින්ම පත්කළ යුතුය. යුද්ධයෙන් පිඩාවට පත් කාන්තාවන් ගෘහමූලිකත්වය දරණ පවුල් 90,000කට සහ අබාධිතයින්ට නව ජීවිතයක්, ජීවනාදාර, රැකියා අවස්ථා සිදුකළ හැකි අයවළුන්ගේ ව්‍යාපාරික ක්‍ෂේත්‍ර නිර්මාණය කර, ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය ස්ථීර කළ යුතුය යන්න සමුළුව ඉල්ලා සිටිනු ඇත.

ඒ සමඟ පාර්ලිමේන්තුවේ, ප්‍රාදේශීය සභාවේ කාන්තාවන්ට අවශ්‍ය නියෝජනය වැඩිකළ යුතුය. ලිංගික ප්‍රචණ්ඩත්වය, ළමා අපචාර වල නිරතවන අයවළුන්ට විරුද්ධව දඬුවම් දැඩිකළ යුතුය යන්න අවධාරණය කළ යුතුය.

තවද, පොල් හා තල් ද්‍රව්‍ය සංවර්ධනය, ධිවර කර්මාන්තය සංවර්ධනය, අධ්‍යාපනය යනාදී සම්බන්ධයෙන් යෝජනා, මහවැලි ව්‍යාපෘතිය පදිංචි ජනතාවගේ ජන සංඛ්‍යාව වෙනස් නොකිරීම තහවුරු කළ යුතුය. යුද්ධය හේතුවෙන් පීඩාවට පත් අයවළුන්ට බැංකු වෙතින් ලබාදී ඇති ණය බරින් ගොඩඒමට රජය සහයෝගය ලබාදිය යුතුය.‍

වෙළඳ සංගම් අයිතිය, මැතිවරණ ක්‍රමය, උතුරු නැගෙනහිර ධීවරයින්ගේ රැකියා අයිතිය ආරක්‍ෂා කළ යුතුය. රජයේ පෞද්ගලික තේ කොල, රබර් සම්බන්ධ කම්කරුවන්ට ලබාදෙන වැටුප වැඩි කළ යුතුය.

මෙම යෝජනා සඳහා රජය වැඩි අවධානයක් යොමුකළ යුතුය යන්නත්, හවුල් විපක්‍ෂය ඇතුළු සියළුම දේශපාලඥයින් සිවිල් සමාජයන්, ආගමික නායකයින්, රජයේ ආයතන, බුද්ධිමතුන් ඇතුළු රටේ යහපතට උනන්දුවක් දක්වන සියළු දෙනාට තමන්ගේ කාර්යාන් වගකීමකින් ඉටුකළ යුතු බවට ආදරයෙන් ඉල්ලා සිටින්නෙමු. තවද සියළුම යෝජනා සම්මත කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න