WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට

2026 April 29- Page Views : 5

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (29) පිළිගෙන තිබුණි.