Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනුස්මරණ ස්මාරක ඉදිකිරීම නතර කරන ලෙසට නියෝග

|Tue,13 August 2019|Political| Page Views :

පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

ගුවන් ප්‍රහාරවලින් ඝාතනය කල සෙන්චෝලෙයි සිසුන්ගේ මතක සටහනක් ලෙස මුලතිව් වල්ලිපුනම් ප්‍රදේශයේ ඉදිකරමන් සිටින ස්මාරකයේ කටයුතු නතර කරන ලෙස පුදුකුඩිහිරිප්පු පොලීසිය නියෝග කර ඇත.

2006.08.14 වන දින වල්ලිපුනම් සෙන්චෝලෙයි ප්‍රදේශයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්, පාසැලේ ශිෂ්‍යාවන් 51 දෙනෙකු ඇතුළු සිසුන් 51 දෙනෙකු මියගොස් ඇත.

මියගිය පුද්ගලයින්ගේ මතක සටහනක් ලෙස වල්ලිපුනම් ප්‍රදේශයේ ස්මාරකයක් ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් සිටි අවස්ථාවේදී පුදුකුඩිහිරිප්පු පොලීසිය විසින් 2019.08.12 වන දින විමර්ශන සිදුකර ඇති අතර, එහිදී ස්මාරක ඉදිකිරිමේ කටයුතු නතර කරන ලෙස නියෝග කර ඇත.

ස්මාරක ඉදිකිරීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවෙන් ලබාදි ඇති අනුමැතිය 2019.07.13 වන දිනෙන් අවසන්වී ඇත. මෙවැනි පසුබිමකදී, අදාල අනුමැතිය පුදුකුඩිහිරිප්පු ප්‍රාදේශිය සභාවෙන් නැවතත් ලබාගන්නා තුරු ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නතර කරන ලෙසට පොලීසිය ප්‍රකාශ කර ඇත.

තවද, ගුවන් ප්‍රහාරවලින් මියගිය සිසුන්ගේ ජායාරූප සහ මියගිය පුද්ගලයින්ගේ නාමලේඛණය යනාදිය ස්මාරකය පිහිටි ප්‍රදේශයේ ප්‍රදර්ශනය කිරීමේ අනුමැතිය පොලීසිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න