Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

Kabhi Alvida Naa Kehna චිත්‍රපටයට වසර 13ක් වෙද්දී ශාරුක්ගේ පුතාට හිටිය පුංචි කෙල්ල අද කියන කතාව

|Tue,13 August 2019|Gossip| Page Views : 97

අලුත් පුවත්
දුම්රියටත් ළඟදීම ඉලෙක්ට්‍රොනික ප‍්‍රවේශ පත‍්‍ර
බඹර කූඩුවක් කැඩීමට ගිය යුද සෙබළා මරුට
ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටෙයි
විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වසා දමයි
අනුස්මරණ ස්මාරක ඉදිකිරීම නතර කරන ලෙසට නියෝග
කොරියානු ජාතිකයින් 04 දෙනෙකු අත් අඩංගුවට
පිළිතුරු ලබාදීමේ වගකිම ගෝඨාභයට තිබෙනු ඇත
 
Kabhi Alvida Naa Kehna කියලා කියන්නේ ලෝකය පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත බොලිවුඩ් නිර්මාණයක් කියලා අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ. ශාරුක් ඛාන්, රාණි මුකර්ජි, ප්‍රීති සින්ටා වගේ බොලිවුඩය හොල්ලපු ජනප්‍රිය තරු රාශියක් දායකත්වය දුන්න මේ චිත්‍රපටයේ තවත් අපූරු පුංචි තරුවක් ගැන කියන්න තමයි අද මේ සූදානම.

මතක ඇති නේද ඒ චිත්‍රපටයේ ශාරුක්ගේ පුංචි පුතාට රංගන දායකත්වය දීපු පුංචි තරුව. ඇත්තටම පිරිමි ළමයෙක්ගේ චරිතයකට පණ දුන්නත් එතන ඇත්තටම හිටියේ ගැහැණු ළමයෙක් කියන එක මේ වෙද්දී ගොඩක් අය දන්න කාරණාවක්. ඇය Ahsaas Channa.

අවුරුදු 4 තරම් පුංචි වයසකදී තමයි Ahsaas මේ චිත්‍රපටයේ ශාරුක්ගේ පුංචි පුතාගේ චරිතයට පන පොවන්නේ. ඒ 2004 අවුරුද්දේදී. පිරිමි ළමයෙකුගේ චරිතයක් මේ විදිහට රඟදක්වපු Ahsaas ලෝකය පුරාම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වුනා වගේම බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් රැසකගේ ඇගයීමට ලක්වුනා කියලා ඇය පසුගිය දවසක කියලා තිබුනා.

විශේෂයෙන්ම තමන්ගේ තාත්තගේ චරිතයට රංගනය සැපයූ බොලිවුඩ් සුපිරි තරු ශාරුක් ඛාන් විශේෂයෙන්ම අයව අගය කළා කියලා Ahsaas තවමත් බොහොම ආදරයෙන් මතක් කරනවා. තමන්ගේ දර්ශනය සාර්ථකව රූගත කරලා ඉවර වුනාම ශාරුක් බොහොම සතුටින් අත්පොලොසන් දෙමින් අයව අගය කළා කියලා තමයි Ahsaas කියන්නේ.

Kabhi Alvida Naa Kehna චිත්‍රපටය තිරගත වෙලා වසර 13 ගතවන අද දවසේ Ahsaas ඒ සුන්දර අතීතය මතක් කරන්නේ නිහතමානී සතුටකින්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න