WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත්

2026 June 24- Page Views : 4

අමෙරිකානු එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී, ජෙනරල් Kevin B. Schneider මහතා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවී තිබේ.

ඊයේ (23) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුව ඇත.

එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ජෙනරල් Schneider මහතාව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, පැවැති සුහද සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කිරීමට ලක් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය, සුරක්‍ෂිතතාවය සහ ආරක්‍ෂක අංශ වෙනුවෙන් එක්සත් ජනපදය විසින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද ඔහු සිය කෘතඥතාව පළ කළේය.

ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එක්සත් ජනපදය සමඟ පවතින ආරක්‍ෂක සබඳතා ශ්‍රී ලංකාව බෙහෙවින් අගය කරන අතර ධාරිතා සංවර්ධන (capacity Building )වැඩසටහන් ඔස්සේ එම සහයෝගීතාව ඉදිරියටත් ශක්තිමත් කිරීමට අපේක්‍ෂා කරන බව අවධාරණය කළේය.

වෘත්තීයමය අත්දැකීම් හුවමාරුව තුළින් එම ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ස්ථාවර කිරීමට අපේක්‍ෂා කරන බව ද ඔහු පැවසීය.

මෙම සාකච්ඡාවේදී, දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම පිළිබඳව ද්විපාර්ශ්වික වශයෙන් අදහස් හුවමාරු කරගත් අතර, නැගී එන තාක්‍ෂණික හා උපායමාර්ගික අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ ඔස්සේ ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කළ හැකි අවස්ථා පිළිබඳව ද දෙපාර්ශවයේම අවධානය යොමු විය.

මෙම නිල හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House ද එක්ව සිටියහ.