Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මධ්‍යම කදුකරයේ තද වැස්සෙන් කොටගල පහත්බිම් රැසක් යට වෙයි

|Wed,14 August 2019|Special| Page Views : 52

අලුත් පුවත්
නිකිණි පුර ප‍සලොස්වක පො‍හොය අදයි
Kabhi Alvida Naa Kehna චිත්‍රපටයට වසර 13ක් වෙද්දී ශාරුක්ගේ පුතාට හිටිය පුංචි කෙල්ල අද කියන කතාව
දුම්රියටත් ළඟදීම ඉලෙක්ට්‍රොනික ප‍්‍රවේශ පත‍්‍ර
බඹර කූඩුවක් කැඩීමට ගිය යුද සෙබළා මරුට
ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටෙයි
විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වසා දමයි
අනුස්මරණ ස්මාරක ඉදිකිරීම නතර කරන ලෙසට නියෝග
 
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩෙවොන් ඇල පිටාර ගැලීමෙන් නිවාස 20 පමණ ජලයෙන් යට වි ඇති බව කොටගල ප්‍රාදේශිය සභාව පවසනවා.

ඊයේ (13) පස්වරු 5ට පමණ ඩෙවොන් ඇළේ ජලය පිටාර ගැලිම නිසා ඇළ අසල පිහිටි නිවාස ජලයෙන් යට වු බවත්, එම නිවාස වල පදිංචිකරුවන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බවයි ප්‍රාදේශිය සභාව කියා සිටියේ.

මේ අතර හැටන් සිට මහවැලි ගගට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා හැටන් ඔය වටවල ප්‍රදේශයෙන් පිටාර ගැලිමෙන් වටවල ඤනානන්ද ගම ප්‍රදේශයේ පහත් බිම් වල පිහිටි නිවාස 25 පමණ ජලයෙන් යට වි ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා පවසනවා.

හැටන් ඔය හරස් කරමින් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ජල විදුලි බලාගාරයකට ජලය ලබා ගැනිම සදහා ඔය හරස් කර බැද ඇති වේල්ල හේතුවෙන් ඔයේ ජලය වේගයෙන් පහලට ගලා නොබසින නිසා වටවල ප්‍රදේශයේ පහත් බිම් වල පිහිටි නිවාස ජලයෙන් යට වන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු සේවකයන් විසින් වේල්ලේ කොටසක් කඩා ඉවත් කර වේල්ලේ සොරොව්ව විවෘත කරනු ලැබුවා.

වටවල ප්‍රදේශයේ ජලයෙන් යට වි නිවාස වල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට කටයුතු කල බවයි අඹගමුව ප්‍රාදේශිය සභාව කියා සිටියේ .

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න