Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මින් මතු ඔබගේ ගුවන් සන්දර්ශන කිසිවෙකුට බැලීමට නොහැකිවනු ඇත.

|Fri,23 August 2019|Gossip| Page Views : 240

අලුත් පුවත්
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය පහළට
මරගල කන්දේ ගින්නකින් අක්කර 30ක් විනාශයි
විනාඩි 9න් බෝට්ටුවෙන් දැන් කොළඹට
මිද්දෙණියේ වෙඩි තැබීමක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සේවා දිගුවක්
ඉන්දියාවට ඇතුල්වු අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්
අතුරුදහන්වුවන්ගේ කාර්යාලයක් විවෘත නොකළ යුතුයි
මහින්ද 19 වතාවක් දෙමළ ජාතික සන්ධානය රැවටු බවට චෝදනා!
 
අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක නිරත වෙමින් සිටි යුධ හමුදා නිලධාරියෙක් පහුගිය දවසක තමන්ගේ පැරෂුටය ක්‍රියාත්මක නොවීමෙන් ඇද වැටී මියගිහින් තියනවා කියන එක මේ වෙද්දී හැමෝම දන්නවා.

කුඩාඔය කමාන්ඩෝ යුධ හමුදා පුහුණු පාසලේ බළලත් නිලධාරියෙකු ලෙස සේවයේ නියුතු 42 හැවිරිදි ඔහු තමන්ගේ පුහුණුවීම්වල නිරත වෙමින් සිටියදී ඇද වැටී තුවාල ලබා අම්පාර රෝහලට ඇතුලත් කිරීමේදී ඔහු මිය ගියා කියලා තමයි පොලිසිය පවසන්නේ.

මේ ඒ නොසිතූ අත්දැකීමට මුහුණ දුන්න තවත් නිලධාරියෙක් කියන කතාව.

“අපි පහුගිය 20 උදේ පැරෂුට් පතිත වීම් සඳහා අඩි 10,000ක් පමණ උඩට ගියා. අපි තුන්දෙනා බැගින් තමයි පැරෂුට් පතිත වීම් සඳහා ගුවන් යානයෙන් පනින්නේ. මම මුලින්ම පැන්නා. ඊට පස්සේ තමයි මියගිය චම්පික කුමාරසිංහ පැනල තියෙන්නේ. මගේ පැරෂුට් එකේ උඩ ඔහු පැටලෙනවා දුටු මම කලබල වුණා. ඒ අවස්ථාවේ ඔහු මට කිව්වා කලබල වෙන්න එපා මේක හදාගන්න පුළුවන් කියලා. ඉන් පසුව අපි පැටලුම ලිහා ගත්තා.

පැටලුමෙන් නිදහස් වුණත් කුමාරසිංහගේ පැරෂුටය නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නෑ. ඔහුගේ පැරෂුටය බාගෙට දිග හැරුණෙ. ඒ නිසා ඔහුට පැරෂුටය පාලනය කරගන්න බැරිව වේගයෙන් පහළට ඇදී ගියා. මගේ පැරෂුටය පාලනය කරගනිමින් මම නිසි ලෙස පැරෂුටය සමඟ අදාළ ස්ථානයට ගොඩ බැස්සා” යැයි ගුවන් හමුදා කෝප්‍රල් සුදේශ් කුමාර මහතා පොලිසියට පැවැසූ බව අම්පාර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති නිලන්ත විජේසිංහ මහතා පවසනවා.

ඊයේ උදෑසන පැරෂුට් පුහුණුවකදී අඩි 10,000ක පමණ ඉහළ සිට වැටී අනතුරට ලක්ව මියගිය බලලත් නිලධාරි එම්.ඒ. චම්පික කුමාරසිංහ මහතා සමඟ පැරෂුට් පතිත වීම් සඳහා සහභාගි වූ ඔහු තමා දුටු දේ ඒ විදිහට කියලා තියනවා.

ලංකාවේ යුද හමුදාවේ පැරෂුට් කණ්ඩායමේ ‘බේස් ජම්ප්වල’ යෙදෙන පුද්ගලයන් තිදෙනකු සිටි බවත් මියගිය බලලත් නිලධාරි කුමාරසිරි මහතා ඉන් එක් අයකු බවත්, ඔහු විදේශීය රටවල් කීපයක පුහුණුව ලබා ඇති දක්‍ෂ අයකු මෙන්ම එබඳු ‘පැනීම්’ 680ක පමණ යෙදී ඇති අයකු බවත් එම පැරෂුට් කණ්ඩායමේ මේජර්වරයකු වන යූ.ආර්.අයි. පෙරේරා මහතා පවසයි.

ජාතික නිදහස් උත්සව අවස්ථාවලදී කුමාරසිරි මහතා ඇතුළු තිදෙනකු ‘බේස් ජම්ප්වල’ යෙදුණු බවත් ඔහුගේ හදිසි මියයෑම හේතුවෙන් ඉදිරි නිදහස් දිනවලදී ඒ සඳහා දෙදෙනකු පමණක් යොදවා ගැනීමට සිදුවන බවත්, පැවැසූ මේජර් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ අත්දැකීම් බහුල මෙම අති දක්‍ෂ නිලධාරියාගේ ජීවිතය තප්පර කීපයකදී නැතිවීම යුද හමුදා පැරෂුට් අංශයට විශාල පාඩුවක් බවත්ය.

ඔවුන් මෙසේ ප්‍රකාශ කළේ අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුව ලබමින් සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ බලලත් නිලධාරි ධ්ධ් චම්පික කුමාරසිංහ (42) මහතා 20 ජීවිතක්ෂයට පත්වීම පිළිබඳවය.

චම්පික කුමාරසිංහ මහතා 3 වැනි යුද හමුදා විශේෂ බළකායේ නිලධාරියකු වන අතර ඔහු කඹුරුපිටිය, පුහුල්වැල්ල, ඕවිටිගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගොස් ඇති බලලත් නිලධාරියා නිදහස් දින පෙළපාළි සහ විජයග්‍රාහි පෙළපාළිවලදී ඉහළ අහසේ සිට පැරෂුට් සන්දර්ශන ඉදිරිපත් කළ යුද හමුදා පැරෂුට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බවත් කමාන්ඩෝ පුහුණු පාසලේ පැරෂුට් පාඨමාලා උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ බවත් යුද හමුදාව පවසනවා.

කොහොම වුනත් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පස්සේ සිරුර ඥාතීන් වෙත භාරදීමට පොලිසිය කටයුතු කරලා තියනවා. ඉතින් මේ වෙද්දී එම නිලධාරියාගේ අවසන් කටයුතු වෙනුවෙන් දේහය තමන්ගේ නිවසට ගෙනල්ලා තියනවා. ගමක් හඬවමින් අවසන් ගමන් යන මේ අභීත නිලධාරියා නැති පාඩුව සුළු පටු එකක් නොවන බවයි යුධ හමුදා නිලධාරීන්ගේ නම් අදහස.

ඉතින්, අභීත නිලධාරියාණනි, මින් මතු ඔබගේ ගුවන් සන්දර්ශන කිසිවෙකුට බැලීමට නොහැකිවනු ඇත. ගුවන් තලයද ඔබ නොමැතිව ශෝක වනු ඇත. නිවන් සුව ලැබේවා!

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න