Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කම්මැළි දරුවන් අවදි කරන මන්තරයක්

|Fri,23 August 2019|Gossip| Page Views : 58

අලුත් පුවත්
ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන් ඔස්ට්‍රේලියාවෙන්
ඇමසන් වනාන්තරය ගිනි ගැනීම ජාත්‍යන්තර අර්බුදයක්
ඔසාමා බිල්ලාඩන්ගේ පුත‍්‍රයා මියගිය බව ඇමරිකා ආරක්ෂක ලේකම් තහවුරු කරයි
UN ශ්‍රී ලංකා නව තානාපති සහ නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න
කංජිපානි ඉම්රාන්ට 06 වසරක සිර දඬුවම්
මින් මතු ඔබගේ ගුවන් සන්දර්ශන කිසිවෙකුට බැලීමට නොහැකිවනු ඇත.
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය පහළට
මරගල කන්දේ ගින්නකින් අක්කර 30ක් විනාශයි
 
කෝගිරාම් ග්වාලා, රිතූ ග්වාලා දිළිඳුකමේ පත්ලේම ගිලී සිටින පවුල් දෙකකි. පිනූ සහ රිම්සිම් ඔවුනගේ දරුවන් දෙදෙනාය. පාසල් නිල ඇඳුම් හෝ පාවහන් මිලදී ගැනීමට පිනූගේත් රිම්සිම්ගේත් මාපියන්ට වත්කමක් නොතිබිණි. පොළොවට වියැකී වැරැහැලි වී යන පාවහන් යුවළ පැලඳනෙන වුවත් රිම්සිම්, පිනූ උනන්දුවෙන් පාසල් ගියහ.

දිනක් එළවළු කඩේදී පිනූ අතින් රිම්සිම්ගේ පාවහන් යුවළ නැතිවීම ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීමක් මෙන් විය. මවට තමන් පාවහන් නැති කළ බව නොපවසන ලෙසට රිම්සිම්ගෙන් පිනූ අයැද සිටියේය.

පාවහන් නොමැතිව රිම්සිම්ට පාසල් යා නොහැකිය. අවසානයේදී පිනූ සහ රිම්සිම් එගඟතාවකට එළඹුණහ. ඒ දෙදෙනාම එකම පාවහන් යුවළ මාරු කරගෙන පැලඳීමේ එකඟතාවයි.

රිම්සිම් උදෑසන පිනූගේ පාවහන් පැලඳ පාසල් ගියාය. පිනූ දිවා කාලයේ සිප්හලට ගියේ රිම්සිම්ගෙන් පාවහන් ඉල්ලාගෙනය.

උදෑසන පාසලට ගොස් පැමිණෙන රිම්සිම්ගෙන් පාවහන් ලැබෙන තුරු බලා සිටින්නට සිදුවීම නිසා පිනූ දුෂ්කරතා රැසකට මුහුණ පෑවේය.

දිනක් පිනූ, රිම්සිම් සිය නිවෙසට කැඳවාගෙන ගියේය. එහිදී රිම්සිම්ට පිනූගේ පවුල තම පවුලට ද වඩා දිළිඳු බව වැටහිණි.

මේ අතර කෝගිරාම්, පිනූ සමඟ නගරයට ගියේ වතුවල වැඩ කිරීමෙන් කීයක් හෝ උපයා ගැනීමටය. ඔවුන් මහා මන්දිර බඳු නිවෙස් ගණනාවකට ගිය ද අවසන එක් නිවෙසක වත්තක වැඩ කිරීමට අවසර ලැබිණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න