Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගලේවෙල රියඅනතුරකින් 11 ‌‌‌දෙනෙකු තුවාල ලබයි

|Wed,28 August 2019|Special| Page Views : 50

අලුත් පුවත්
දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල් වැඩි කරන්න අනුමැතිය
ඉන්දියාවේ සිදුවූ රිය අනතරකින් 16 දෙනෙකු මියයයි
බ්‍රසීල හා ප්‍රංශ ජනපති අර්බුදය දිග්ගැස්සෙන ලකුණු
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ
පාකිස්ථාන කැබිනට් මණ්ඩලය තීරණාත්මක සාකච්ඡාවක
ආර කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක්
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාව ක්කරමින් ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ ත්‍රස්තයන්ගේ නම් ජාත්‍යන්තර ලේඛනයට ඇතුළත් කරන්න අවස්ථාව
 
ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බාව ප්‍රදේශයේදී අද (28) දින පෙරවරුවේ වෑන් රථයක් ත්‍රීරෝද රථ දෙකක් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙකු තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව ගලේවෙල පොලීසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් කුකුළු ගොවිපළක සේවය සඳහා කාන්තාවන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් සහ මාර්ගය අසල නවතා තිබූ තවත් ත්‍රීරෝද රථයක් සහ මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් බව පොලීසිය කියයි.

මෙම අනතුරින් තුවාල කරුවන් අතර වෑන් රථයේ රියදුරු ත්‍රිරෝද රථයක රියදුරු යතුරු පැදියේ රියදුරු සහ රථ දෙකේ ගමන් ගත් කාන්තාවන් 08ක් වන බව පොලිසිය කියයි.

ඒ අනුව මෙම අනතුරින් පිරිමි පුද්ගලයන් තුන් දෙනෙකු සහ කාන්තාවන් අටදෙනකු බව පොලීසිය කියයි.

මොරගොල්ල දෙසින් මෙම වෑන් රථය ඇඟලුම් කර්මාන්ත ශාලාවක තරුණියන් ප්‍රවාහනය කරමින් තිබියදී ගලේවෙල දෙසින් මොරගොල්ල දෙසට කුළු ගොවිපලක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තිබේ. අනතුර වන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ හත් දෙනෙකු ගමන් කරමින් සිටි බව ත්‍රිරෝද රථයේ රියදුරු සහ තුවාල ලැබූ අය ප්‍රකාශ කළහ.

අනතුරක් සමග පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක් ද ත්‍රිරෝද රථයේ වැදෙනවාත් සමග අසල නවතා තිබූ තවත් ත්‍රීරෝද රථයක මෙම අනතුරට පත් ත්‍රිරෝද රථයක ගැටුණු බව අනතුර ඇසින් දුටුවෝ පවසති.

අනතුරුදායක වංගුවක් සහිත ස්ථානයක රියදුරන් අපරික්ෂාකාරී රිය ධාවනය මෙන්ම ත්‍රිරෝද රථයේ පුද්ගලයන් හත් දෙනෙකු ප්‍රවාහනය කිරීම නිසා අනතුරු වළක්වා ගැනීමට නොහැකි වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ,

තුවාල ලැබූවන් සියලුදෙනාම ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු දඹුල්ල මූලික රෝහලට මාරු කර තිබුණු බවත් සෙසු කාන්තාවක සහ පිරිමි අයෙකු ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න