Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බස් රථයක් පෙරලි හයක් රෝහලේ

|Thu,29 August 2019|Special| Page Views : 252

අලුත් පුවත්
කැන්ටබරියේ අගරදගුරු හිමියෝ අද මෙරටට පැමිණෙයි
කොළඹ ආරක්ෂක සමුළුව අද සහ හෙට
ෆෙඩෝර් රොබෝව රැගත් යානාව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට
දුම්රිය අනතුරට 4කගේ වැඩ තහනම්
නිදන් හැරූ 5ක් අල්ලයි
ගලේවෙල රියඅනතුරකින් 11 ‌‌‌දෙනෙකු තුවාල ලබයි
දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල් වැඩි කරන්න අනුමැතිය
ඉන්දියාවේ සිදුවූ රිය අනතරකින් 16 දෙනෙකු මියයයි
 
මගී බස් රථයක් මගීන්ද සමග ප්‍රධාන මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් පෙරලීම හේතුවෙන් එම බසයේ කොන්දොස්තර රියැදුරු ඇතුළු 06 දෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන රෝහලට ඇතුලත්කර තිබෙනවා. මෙම රිය අනතුර ඊයේ (28) පස්වරුවේ සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අනතුරට පත්වූයේ ගිරාදුරුකෝට්ටේ ,පහළ රත්කිද, බැරියර් හංදිය, 51 කණුව හරහා මහියංගන දක්වා ධාවනය කෙරෙන මහියංගන ඩිපෝවට අයත් බස්රථයකි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල සිට ඇත්තේ රියදුරු,කොන්දොස්තර ද ඇතුළු 10 ‍දෙනෙකි. ධාවනය කරමින් තිබූ බසය එක් වරම පාරෙහි අනිත් පැත්තට කැපීගොස් මාර්ගය අයිනේ තිබූ දුරකථන කණුවක්ද විදුලි කණුවක්ද කඩාගෙන ඉදිරියට ගොස් පෙරලී තිබේ.

තුවාල ලබා රෝහල් ගතකර ඇති අය අතර අවුරුදු තුන හමාරක පමණ වයසැති දරුවෙක්ද වන අතර බසයටද දැඩි අලාභ හානි සිදුවී ඇත.රිය අනතුරට හේතුව මෙතෙක් හදුනා ගෙන නොමැති අතර මහියංගන පොලීසිය පොලිස් පරීක්ෂණ සිදුකරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න