Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිරියාවේ ගුවන් ප්‍රහාරවලින් ළමුන් ඇතුළු 9ක් ජීවිතක්ෂයට

|Fri,30 August 2019|Special| Page Views : 43

අලුත් පුවත්
ලොව දැවැන්තම ආහාර සටන
ගංවතුර අනතුරු ඇඟවීමක්
මහේලට එංගලන්තයේ පුහුණුකරු ධූරයක්
මාවුස්සාකැලේ හා කාසල්රි ජල මට්ටම ඉහළට
සමස්ථ ලංකා රබර් වෙළදුන්ගේ සංගමය විපක්ෂ නායක හමුවෙයි
හෙරොයින් ජාවාරම් කරුවන් දහදෙනකුට සිර දඬුවම්
වසරක් තුළ විදෙස් රටවලින් මැලේරියා රෝගීන් 21ක් ඇවිත්
ජනපති "විබුධ ජන ප්‍රසාදක” සම්මාන උපාධියෙන් පිදුම් ලබයි.
 
වයඹදිග සිරියාවේදී එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් නව දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාර හේතුවෙන් කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවුණු ජනතාව මුදාගන්නා අයුරු දැක්වෙන දර්ශනද මාධ්‍යයට නිකුත් වී තිබුණි.

වයඹදිග සිරියාවේ කැරලිකරුවන්ගේ පාලනයට නතුව පවතින නගරයකට ගුවන් ප්‍රහාර එල්ල විය.

එම ප්‍රහාරක යානා සිරියාවට හෝ රුසියාවට අයත් බවට විශ්වාස කෙරෙයි.

ගුවන් ප්‍රහාර එල්ල වී ඇත්තේ වයඹදිග සිරියාවේ මාරට්‍ අල්-නුමන් (Maarat al-Numan) නගරයටයි.

රුසියාවේ සහය ලබන සිරියානු හමුදා එම නගරය ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර උත්සන්න වීම හේතුවෙන් පසුගිය දෙසතිය තුළ එම නගරයෙන් දහස් සංඛ්‍යාත පිරිසක් පළාගොස් ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාර හේතුවෙන් කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවුණු ජනතාව මුදාගන්නා අයුරු දැක්වෙන දර්ශන White Helmets, නම් සිරියානු සිවිල් ආරක්ෂක කණ්ඩායම නිකුත් කළ දර්ශනවල දැක්වෙයි.

මියගිය පිරිස අතරට ළමුන්ද අයත්.

මේ අතර ඉඩ්ලිබ් පළාතේ සෙසු ගම්මාන හා නගර වලටද ගුවන් ප්‍රහාර එල්ල වූ බව ප්‍රදේශවාසීන් පවසයි.

එහිදී සරකේබ් නගරයේ වෙළඳ පොලකට එල්ල වූ ප්‍රහාරකයින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් නේවාසික ප්‍රදේශයකටද දැඩි අලාභ හානි සිදුවිය.

රුසියාවේ සහය ලබන සිරියානු හමුදා මේ වනවිට කැරලිකරුවන්ගේ පාලනයට නතුව පවතින ඉඩ්ලිබ් ප්‍රදේශය මුදාගැනීමේ මෙහෙයුම් පුළුල් කර තිබේ.

කලාපයේ වැඩි කොටසක් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට අනුබද්ධ නුස්රා පෙරමුණට අයත් ඉස්ලාමීය සටන්කාමීන්ගේ පාලනයට නැතුව පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න