WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගගනගාමීහු ආපසු එති

2026 April 11- Page Views : 6

ආටිමිස් 2 චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳ වටා කැරැකුණු ගගනගාමීන් සිවුදෙනා වන රීඩ් වයිස්මන්, ගගනගාමී වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් ආපසු පෘථිවියට පැමිණියහ. ගගනගාමීන් සඳට ගොස් සඳ වටා කැරකී ආපසු ආවේ ‘ඔරායන්’ නමැති චන්ද්‍ර යානයෙනි. යානය පෘථිවි කක්ෂයට ඇතුළු වීමෙන් පසු, චන්ද්‍ර යානයේ ගගනගාමීන් සිටින මොඩියුලය, එනම් කැප්සියුලය පෘථිවි වායු ගෝලයට ඇතුළු විය. වායු ගෝලය හරහා ගිනිගෙන දැවෙමින්, එය පහළට ආවේ කිලෝ මීටර් 40,000 කට වඩා වැඩි වේගයකිනි. කැප්සියුලය, සෙල්සියස් අංශක 2,760 කට වඩා අධික උෂ්ණත්වයකට ලක් විය. ගගනගාමීන් සහ කැප්සියුලය ආරක්ෂා කර වූයේ සවි කර තිබුණු තාප පළිහ නිසාය. ගගනගාමීන් ඔවුන්ගේ තැබිලි පැහැති ගගන ඇඳුම් කට්ටලවලින් සැරැසී සිටියහ. පැරෂූට් දිග හැරී කැප්සියුලයේ වේගය අඩාල කළ අතර එය සෙමින් සෙමින් පැසිෆික් සාගරයට පතිත වුණු අතර, නාසා බලධාරීන් සහ ඇමෙරිකන් නාවික හමුදාව ගගනගාමීන් සිවුදෙනා පිළිගත්තේ ඔල්වරසන් දෙමිණි.