Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතික පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සියල්ල සුදානම්

|Sat,31 August 2019|Miscellaneous| Page Views : 28

අලුත් පුවත්
බංගලාදේශය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

පළාත් රැසකට තද සුළං
කුලියාපිටිය රෝහල අද සිට ශික්ෂණ රෝහලක් වෙයි
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාවේ සුදානම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ
යාපනයේ පොත් ප්‍රදර්ශනයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වන්නැයි නියෝග
 
ජාතික පැරාලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරද පැවැත්වීමට කටයතු සංවිධානය කර තිබේ.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයේ(29) කොළඹදී පැවැත් විය.

ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව විසින් 2019 ජාතික පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කරනු ලබයි.

ඒ අනුව මෙවර ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 5, සහ 6 දෙදින සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පැරා ක්‍රීඩා සමාජ 45ක් නියෝජනය කරමින් පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට අධික පිරිසක් මෙවර තරගාවලිය සඳහා එක්වීමට නියමිතයි.

ඔවුන් දෘශ්‍යාබාධිත, ශරීර ආබාධිත සහ බුද්ධි ආබාධිත ලෙස කාණ්ඩ තුනක් යටතේ තරගවදින අතර ජවන හා පිටිය ඉසව් 190ක් මෙහිදී පැවැත් වෙයි.

මේ වර්ෂයේ නොවැම්බර් මස ඩුබායිහිදී පැවැත්වෙන පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ තේරීම් තරගාවලියක් ලෙසද මෙය පැවැත්වීමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න