Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නවසීලන්තයට ජය

|Mon,02 September 2019|Miscellaneous| Page Views : 24

අලුත් පුවත්
අකිලට ජනපති කොමිසමෙන් කැඳවීමක්
යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි
සුරතලී බෙංගාල බොක්කේ පාවෙයි
අධ්‍යාපන ඇමති අද ජනාධිපති කොමිසමට
ගිනි අවි සහ කඩු සමඟ අත්අඩංගුවට
තෙවන පාසල් වාරය අද ඇරඹෙයි
 
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 05 ක තියුණු ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණි.

ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලියේ තරග 1 ට 0 ක් ලෙස පෙරමුණ හිමි කරගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දි තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර වනිඳු හසරංග අද ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් හිමිකර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසි කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනගමින් සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

කුසල් ජනිත් පළමු කඩුල්ල ලෙස දැවි ගියත් ඉන්පසු පිටියට පිවිසි පිතිකරුවන් මනාව ලකුණු රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළේය.

කුසල් මෙන්ඩිස් සිය විස්සයි විස්ස දිවියේ 5 වන අර්ධ ශතකය රැස් කළ අතර ඔහු ලකුණු 79කට දැවි ගියේය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 යි.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවි ලකුණු 174ක් රැස් කරගත්තේය.

ලකණු 175ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත පිලේ පළමු කඩුළු 3 ලකුණු 39කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්න් සමත් වුණි.

නමුත් සිව්වන කඩුල්ලට පිටියට පිවිසි රොස් ටේලර්,ග්‍රෑන්ඩ් හෝම් සමඟ එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර එල්ල කළේය.

එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග කොලින් ඩී ග්‍රෑන්ඩ් හෝම් දවා ගනිමින් එම සබඳතා බිඳ දැමු අතර ඒ සමග ලොව වැඩිම විස්සයි විස්ස කඩුළු ලාභීන් අතර පළමු ස්ථානයට පත් වීමට ලසිත් මාලිංග සමත් වුණි.

ඒ අනුව ඔහු අභිබවා ගියේ පාකිස්තානයේ ශහිඩ් අෆ්රිඩි තබා තිබු වාර්තාවයි.

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 175 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් රෝස් ටේලර් ලකුණු 48 ක් සහ කොලින් ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 44 ක් ලබා ගත්තේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න