Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රචණ්ඩ කුණාටුව 5 ක් බිලි ගනී

|Tue,03 September 2019|Miscellaneous| Page Views : 20

අලුත් පුවත්
ශ්‍රි ලංකාවට ICCයෙන් දඩ
පුහුණුකරුවෙක් වෙන්න සියලු සුදුසුකම් තිබෙනවා-අජන්ත මෙන්ඩිස්
ටෙනිස් ශූරයා අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියෙන් ඉවතට
ජනපතිට 68 යි
දියකාවා යුද අභ්‍යාසය ලබන 23 වනදා තෙක්
සහරාන්ගේ දියණිය හා බිරිඳ මව්පියන් බාරයට
පොලිසියේ 42කට මාරුවීම්
 
බහමාස් දූපත්වලට බලපෑ ප්‍රචණ්ඩ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 5ක් වාර්තාවී තිබේ.

කෙසේ නමුත් කුණාටුවේ ප්‍රබලත්වය මේ වන විට සිව්වන මට්ටම දක්වා පහළ බැස ඇතැයිද විදෙස් වාර්තා සඳහන් කළේය.

ඩෝරියන් සුළි කුණාටුව මේ වන විට බහමාස් දූපත් හරහා පැයට කිලෝමීටර් 240ක වේගයකින් හමා යමින් තිබේ.

ඒ සමඟ අධික වැසි ඇදහැලෙමින් ඇති අතර ප්‍රදේශ රැසක් ජලගැලීම්වලට හසුව ඇති බවත් සඳහන් වෙයි.

සැඩ සුළඟින් ගස් කඩාවැටීම් හා රථ වාහන පෙරලීම්ද වාර්තාවී තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව දහතුන්දහසකට අධිකයි.

චණ්ඩ මාරුතයෙන් තවත් දේපළ රැසක්ද විනාශ වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

මේ අතර විපතට පත් පුද්ගලයන් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකරමින් සිටින බව බහමාස් බලධාරීන් පවසයි.

කෙසේ වෙතත් කුණාටුවේ ප්‍රබලත්වය මේ වන විට සිව්වන මට්ටම දක්වා පහළ බැස ඇති අතර එය ක්‍රමයෙන් අමෙරිකාවේ ගිනිකොනදිග ප්‍රදේශයට ගමන් කරමින් ඇති බව කාලගුණ වාර්තාවල සඳහන්.

කුණාටුවෙන් ආරක්ෂා වීම සඳහා අමෙරිකාවේ ෆ්ලොරිඩා, උතුරු සහ දකුණු කැරොලිනා, ජෝර්ජියා යන ප්‍රාන්තවල බලධාරීන් දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

එමෙන්ම එම ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න