Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එංගලන්ත-ඔස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය

|Thu,05 September 2019|Miscellaneous| Page Views : 20

අලුත් පුවත්
කාන්තා පාපන්දු තරගාවලියේ ජය ඇමෙරිකාවට
ලක්ෂ 5කට ID නෑ..87%වතුකරයෙන්
සංචාරක පැමිණීමේ 70.8%ක වර්ධනයක්
ජනපතිවරණයේ TNA සහය ජවිපෙට
කසල තේ අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට
තනතුරු නාම සංශෝධනයක්
පොලිස්පතිගේ දිවුරුම් ප්‍රකාශය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද
කන්ජිපානි ඉම්රාන් සහනයක් පතා අධිකරණයට යයි
 
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 170ක් රැස් කරගෙන සිටියේය.

මැන්චෙස්ටර්හි ඕල්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායකයා පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල එක් ලකුණකදී දවා ගැනීමට සමත් වු ස්ටුවට් බ්‍රොඩ් ඔස්ට්‍රේලියානු ඉනිමට තවත් ලකුණු 27ක් එක් වෙද්දී ඔවුන්ගේ දෙවන කඩුල්ලද දවා ගැනීමට සමත් වුණි.

අනතුරුව මානස් ලබුස්චේන් සහ ස්ටීවන් ස්මිත් එක්වන තුන්වන කඩුල්ලට ලකුණු 116ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වු අතර මානස් ලබුස්චේන් ලකුණු 67ක් රැස් කරගෙන සිටියදී ක්‍රෙග් ඕවර්ටන්ගේ පන්දුවක් හමුවේ තුන්වන කඩුල්ල ලෙස දැවී ගියේය.

දෙරට අතර පැවැති තුන්වන තරගය සඳහා ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ ස්ටීවන් ස්මිත් ඊයේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 25 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේය.

ඒ අනුව ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 60ක් සහ ට්‍රාවිස් හෙඩ් නොදැවී ලකුණු 18ක් රැස් කර ගෙන කඩුල්ලේ රැදී සිටියි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න