Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

න්‍යෂ්ටික ගිවිසුම රැකගන්න යුරෝපා බලවතුන්ට තව මාස 2ක්

|Thu,05 September 2019|Miscellaneous| Page Views : 32

අලුත් පුවත්
එංගලන්ත-ඔස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය
කාන්තා පාපන්දු තරගාවලියේ ජය ඇමෙරිකාවට
ලක්ෂ 5කට ID නෑ..87%වතුකරයෙන්
සංචාරක පැමිණීමේ 70.8%ක වර්ධනයක්
ජනපතිවරණයේ TNA සහය ජවිපෙට
කසල තේ අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට
තනතුරු නාම සංශෝධනයක්
පොලිස්පතිගේ දිවුරුම් ප්‍රකාශය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද
 
2015 වර්ෂයේදී ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කර ගැනීම සඳහා යුරෝපා බලවතුන්ට තවත් මාස දෙකක කාලයක් ලබාදෙන බව ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසයි.

අමෙරිකාව ඇතුළු ලෝක බලවතුන් සමඟ ඉරානය 2015 වර්ෂයේදී පිහිටුවාගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් මේ වන විට අමෙරිකාව ඉවත්වී සිටියි.

ඉරානය සමඟ දිගින් දිගටම ඇතිවූ අර්බුද සමඟ ඉරානයට එරෙහිව තවත් සම්බාධක පැනවීමටත් අමෙරිකාව පසුගිය සමයේදී කටයුතු කළේය.

මෙවන් පසුබිමක් තුළ අදාළ න්‍යෂ්ටික ගිවිසුම රැකගැනීම සඳහා යුරෝපා බලවතුන්ට මාස දෙකක කාල සීමාවක් ලබාදෙන බව ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසයි.

එමෙන්ම ඉරානයේ තෙල් විදෙස් රටවලට අලෙවි කිරීමට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන්ද අවසන් එකඟතාවකට පැමිණිය යුතු බවත් ජනාධිපතිවරයා පවසයි.

යුරෝපා බලවතුන් අවසන් තීරණයකට එළඹීමට අසමත් වන්නේ නම් තමා තෙවැනි පියවරක් වෙත යොමුවන බවටත් හසන් රවුහානි අනතුරු අඟවා ඇත.

එම පියවර න්‍යෂ්ටික ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වනු ඇති බව පැවසූ රවුහානි ඒ සම්බන්ධයෙන් නුදුරේදීම ප්‍රකාශයට පත්කරන බවත් පවසා තිබුණි.

වසර ගණනාවක් ආර්ථික වශයෙන් හුදෙකලා වී සිටි ඉරානය ඉන් අත්මිදුණේ 2015 වර්ෂයේදී ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමත් සමඟයි.

එහෙත් අමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත්වීමත් සමඟ ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවනු ලැබුවේය.

ඉරානයට ඊට ප්‍රතිචාර දැක්වූයේ 2015 න්‍යෂ්ටික ගිවිසුමේ සඳහන් කොන්දේසි කිහිපයක් කඩකරමින්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න