Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 42ක ජයක්

|Wed, 11 September 2019|Miscellaneous| Page Views : 38

අලුත් පුවත්
ට්‍රම්ප් ආරක්ෂක උපදේශකවරයා ධූරයෙන් ඉවත් කරයි
නිව්යෝර්ක් ප්‍රහාරයට අදට වසර 18ක්
රොනාල්ඩෝගේ ගෝල 4න් පෘතුගාලයට විශිෂ්ට ජයක්
තහනම් සංවිධානයක සාමාජිකයින් 11ක් TID භාරයට
පරිපාලන නිලධාරීන්-සරසවි සේවකයින් අදත් වර්ජනයේ
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
අලි සමීක්ෂණය කල්යයි
රනිල්-සජිත් සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
 
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ ඊයේ (10) පැවැති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව පිලට එරෙහිව ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ යොවුන් පිල සමත් විය.

ඒ අනුව බංග්ලාදේශ පිල මූලික වටයේ අපරාජිතව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ වයස අවරුදු 19න් පහළ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේය.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 273ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මහමුදුල් හසන් ජෝයි හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 126ක්.

පන්දු යැවීමේදී දිල්ශාන් මදුසංක ලකුණු 54ට කඩුලු 3ක් සහ අශේන් ඩැනියෙල් ලකුණු 39කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 274ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 231ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් රොහාන් සංජය ලකුණු 42ක් සහ නිපුන් ධනංජය ලකුණු 36ක් රැස් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න